Local NewsNews

ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි.

ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොවන පුද්ගලයන්හට නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බස්නාහිර පළාතටත් ඇඳට නීතිය පැනවීමට පෙර විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

lankacnews.com

Related posts

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

Maimoonar

පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයි

Maimoonar

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Maimoonar

1 comment

Comments are closed.