Local NewsNews

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

ඉතාලියට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු අංජු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉකුත්දා පවසා තිබුණේ ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ දේහය පිළිබද අවසන් කටයුතුවලට සහභාගි වන පුද්ගලයින් ඝාතනය කරන බවටයි.

කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු තිදෙනෙකු ගොනාකෝවිලේ රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඒ සමඟයි එවැනි සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ අවධානය යොමු වුණේ.

ගොනාකෝවිලේ රොහා ඉකුත් 23 වනදා ජීවිතක්‍ෂයට පත් වූයේ පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදීයි.

මීගමුව කොච්චිකඬේ ප‍්‍රදේශයෙන් ට්‍රෝලර් යාත‍්‍රාවකින් ඉන්දියාවට පලායාමට සැකකරු උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලීසියට වෙඩි තබා තිබෙනවා. පොලීසිය එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් ගොනාකෝවිලේ රොහා මිය ගියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

Maimoonar

ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..

Maimoonar

‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්

Maimoonar

139 comments

Comments are closed.