February 26, 2026
Local NewsNews

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්න

බස් ප‍්‍රමුඛතා මංතීරුවේ යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ ධාවනය කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ බස් සඳහා කාලය වෙන් කර ඇති අවස්ථාවේ ත්‍රීරෝද සහ යතුරුපැදි බස් මංතීරුවේ ගමන් කරවීමට අවස්ථාව දීම බරපතල ගැටලුවක් බවයි. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් බස් රථ ඉස්සර කිරීමට වම් පසින් හෝ දකුණු පසින් එකවර ගමන් කිරීමෙන් අනතුරු වැඩි වශයෙන් සිදුවිය හැකි බවත් සඳහන් කළා.

මෙම තීරණය අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

Maimoonar

තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයි

Maimoonar

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

Maimoonar

2 comments

Comments are closed.