Local News News

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳ නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනෙකු යළි බන්ධනාගාරයට කැදවීමට තීරණය කර තිබෙනවා.

මෙම පිරිස පළමු වරට වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග කටයුතු කළ අයයි. අදාළ පුද්ගලයා ඉකුත් ජූනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවේ ජූලි පළමු වැනිදා පැවැත්වුණු නඩු කටයුත්තකට ඉදිරිපත් කිරීමටයි.

පසුව ජූලි 7 වැනිදා සිදුකළ PCR පරීක්‍ෂණයකදි මෙම රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව මෙලෙස යළි කැඳවීමට තීරණය කර ඇති නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනා අදාළ කාලය තුළ බන්ධනාගාරයේ රැදී සිටි අය බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 300 කට වැඩි පිරිසක් මේ වනවිටත් PCR පරීක්‍ෂණ සදහා ලක් කර අවසන්. වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ තවත් 242 දෙනෙකුද නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

Shiran Viraj

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

Shiran Viraj

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

Shiran Viraj

4 comments

dfurbabies March 24, 2023 at 2:14 am

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2020/07/වැලිකඩ-සිරදඩුවම්-විඳ-නිද/ […]

Reply
Asbestos Abatement Liverpool NY May 13, 2023 at 1:05 pm

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2020/07/වැලිකඩ-සිරදඩුවම්-විඳ-නිද/ […]

Reply
ประกัน รถยนต์ August 23, 2023 at 3:32 pm

… [Trackback]

[…] Find More here on that Topic: hellofm.vip/2020/07/වැලිකඩ-සිරදඩුවම්-විඳ-නිද/ […]

Reply
modesta October 31, 2023 at 8:22 am

… [Trackback]

[…] Read More Info here to that Topic: hellofm.vip/2020/07/වැලිකඩ-සිරදඩුවම්-විඳ-නිද/ […]

Reply

Leave a Comment