29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිට

කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ල හන්දියේ සිට කොළඹ කොටුව දක්වා අද (22) පෙරවරු 6.00ට ආරම්භ කෙරුණා.

රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙය පෙරවරු 9.00 දක්වා ක‍්‍රියාත්මක බවයි.

එම කාලසීමාවේදී බස් ප‍්‍රමුඛතා මංතීරුවට ත‍්‍රීරෝද රථ, යතුරු පැදි හෝ සැහැල්ල වාහන ඇතුලූ කිරීම තහනම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

‘‘අලූතින් පටන් ගමු – මහ මග විනය ඇති කරමු’’ යන තේමාව යටතේ විශේෂ සැලසුමකට අනුව කොළඹ නගරයේ බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය ක‍්‍රියාත්මක කෙරෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…

Maimoonar

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Maimoonar

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

Maimoonar