Local NewsNews

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩන

පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවලින්ද කොරෝනා රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි ද ඇය පැවසුවාය.

අද වන විට රට පුරා රෝගය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කර ඇති බව ද ඇය පැවසීය.

මේ අතර රෝහල්වලට ඇතුලත් කරන ගැබිණි මව්වරුන්, ස්වසන අපහසුතා සහිත රෝගීන්, තදබල සංකූලතා ඇති අය හා වෙනත් සැකකටයුතු රෝගීන් දිනපතා කොරෝනා පරීක්ෂාවට ලක් කරන බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට යම් හෝ ගැටලුවකට ඇත්තේ නාවික හමුදාවේ භටයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් යයිද කී වෛද්‍යවරිය එම රෝගී පොකුරද සෞඛ්‍ය අංශ විසින් පාලනයට නතු කරගෙන ඇතැයිද කියා සිටියාය.

පවතින තත්ත්වය මත කොරෝනා පරීක්ෂකවන්ගෙන් රෝගීන් හමුවීම 3%කටත් වඩා අඩු වී ඇති බවත් එය ඉතා සතුටුදායක තත්ත්වයක් බවද ඇය තවදුරටත් කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…

Maimoonar

වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයි

Maimoonar

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

Maimoonar

2,188 comments

Comments are closed.