29.5 C
Colombo
August 20, 2026
International NewsNews

කොරෝනා මැද ඇවිලෙන යුද බිය

වෛරස බිය මධ්‍යයේ යුද බිය ඇති කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර (03) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු සෙබළුන් දේශසීමාව අසළ පිහිටි දකුණු කොරියානු ආරක්ෂක මුරපොළකට පළමුව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

දකුණු කොරියාව ද ඊට ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උතුරු කොරියානු භට පිරිස් මෙලෙස දකුණු කොරියාවට ඍජුවම ප්‍රහාර එල්ල කරන්නේ වසර පහකට පසුවයි.

එය ද උතුරු කොරියානු නායකයා අභාවප්‍රාප්ත වී ඇති බවට පළ වූ ව්‍යාජ පුවත්වලින් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිට දිනකට පසුව වීම විශේෂත්වයක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

Maimoonar

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

Maimoonar

ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද : ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු කමිටුවේ සාමාජිකත්වයට

Maimoonar