28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපා

මොනම හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි  නොකැඳවිය යුතු බවත්, සියලුම ආගමික නායකයන්ද මෙම ස්ථාවරයේ සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අභයතිස්ස හිමි මේ බව අවධාරණය කළේය.

මේ රටට ඉතිහාසය තුළදී වැඩිම විනාශයක් සිදුකළේ පසුගිය පාර්ලිමේන්තුව බවත් එම නිසා යළි එම පාර්ලිමේන්තුව කැඳවීම රටට ඉතා අහිතකර විය හැකි බවත් දැනට සාර්ථකව සිදු කරගෙන යනු ලබන කොරෝනා වෛරසය පාලනය කිරීමේ කටයුතුද පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් කඩාකප්පල් විය හැකි බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

රටේ විශාලතම මුදල් වංචාව වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව, දැන දැන ඉඩ දුන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර, MCC ඇතුළු රටට අහිතකර ගිවිසුම් පාර කැපීම, රටට අහිතකර ඇතැම් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ‍දේපළ පෞද්ගලීකරණය කිරීම, රට හා රණවිරුවන් පාවාදෙමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු රටට හා රටේ පොදු මහජනතාවට අහිතකර වන බරපතළ තීරණ රැසක් පසුගිය පාර්ලිමේන්තුව මඟින් ගත් බවද පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති.

මෙම කරුණු සැලකිල්ලට ගෙන පැරණි පාර්ලිමේන්තුව රැස්කිරීමේ කිසිඳු වුවමනාවක් නොමැති බවත් කොරෝනා වෛරස තත්වය මැඬපැවැත්වූ පසුව නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කරගැනීමේ අයිතිය මේ රටේ පොදු මහජනතාවට ලබාදිය යුතු බවත් අභයතිස්ස හිමයෝ සඳහන් කරති.

හැටනව ලක්ෂයේ ජනවරමින් ශක්තිමත් නායකයෙකු රටට බිහිකර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අදාළ සියලු අංශ උපයේගී කරගෙන කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඒ සඳහා සියලුමදෙනාගේ සහයෝගය හිමිවිය යුතු බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

lanka lead news

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Maimoonar

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

Maimoonar

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Maimoonar