29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

(03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

එම මත්පැන් සැලේ රාක්ක වල සහ ගබඩා කර තිබු දෙශිය සහ විදේශිය රටවල් වල නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් මෙසේ සොරාගෙන ඇත.

සොරාගෙන ගොස් ඇති මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු ලක්ෂ පහක් වන බවට දැනට තක්සේරු කර ඇත.

සොරාකම් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..

Maimoonar

වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයි

Maimoonar

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Maimoonar

1 comment

Comments are closed.