26.7 C
Colombo
October 1, 2026
Local NewsNews

ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමග බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒවාගේ සියලු ප්‍රවේශ මාර්ග වසා දැමීමට කටයුතු කර තිබේ.

එසේ වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පවසා පවසන්නේ එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බවයි.

සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර බේරුවල පන්විල ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කළ 56 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..

Maimoonar

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

Maimoonar

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Maimoonar

1 comment

Comments are closed.