29.5 C
Colombo
February 12, 2026
BusinessBusiness NewsNews

සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්

වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

සහල් හිඟයක් ඇතිවීම සහ වී මෝල් හිමියන් විසින් වී තොග සැඟවීම වැළැක්වීම සඳහා මෙම කි‍්‍රයාමාර්ගය ගන්නා බවයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම ගණනය කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබෙනවා. සහල් මිල උච්ඡාවචනය වීම වළැක්වීම මෙහි එක් අරමුණක්.

වෙළඳපලේ මේ වනවිට නාඩු සහ සුදුකැකුළු යන සහල්වර්ගවල අඩුවක් දක්නට ලැබෙනවා. කෙසේවෙතත් අනෙකුත් සහල් වර්ග ගැටලුවකින් තොරව ලබාගත හැකි බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

මහ කන්නයේ අස්වනු නෙළීම එළඹෙන ජනවාරි මාසයේ ආරම්භ කරනවා. වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදී සහල් සතොස හරහා පාරිභෝගිකයින් වෙත ලබාදීමට අපේක්ෂිතයි.

එබැවින් එළඹෙන උත්සව සමයේ දැනට පවතින සහල් මිලෙහි සංශෝධනයක් නොවනු ඇති බවට ද වාර්තා වනවා. මේ හේතුවෙන් සහල් ආනයනය කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Maimoonar

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Maimoonar

මට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැති

Maimoonar