NewsPolitical

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මේ දිනවල උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී පැවත්වූ ජනහමු කිහිපයකදීය.

එහිදී ඩග්ලස් දේවානන්ද මහතා මන්නාරම තාල්පාඩු ඇතුලු ප්‍රදේශ කිහිපයක පැවති ජනහමුවලදී ඩග්ලස් දේවානන්ද මහතා පවසා ඇත්තේ දෙමළ ජතික සන්ධානය ඇතුලු අනෙකුත් දෙමළ පක්ෂ පහක් එක්ව ජනාධිපති අපේක්ෂයකයින්ට ඉදිරිපත් කොට ඇති යෝජනා 13ට මේ වන තුරුත් කිසිදු අපේක්ෂකයෙකු සහය පල කොට නොමැති අතරම එම යෝජනා දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් නොව එම පක්ෂවල හා නායකයින්ගේ පැවත්ම වෙනුවෙන් ඉදිරිපත් කල යෝජනා බවට පෙනී යන බවටයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන් දිගු කාලයක් කටයුතු ඇති අතරම එතුමන්ගේ රජය යටතේ දෙමළ ජනතාවට විශාල මෙහෙයක් තමන්ට සිදු කිරීමට හැකි වූ බැවින් මෙවර ජනාධිපතිවරනයේදී බුද්ධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ වගකීමක් බවටද ඩග්ලස් දේවානන්ද මහතා පවසා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Maimoonar

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Maimoonar

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Maimoonar

2 comments

Comments are closed.