Local NewsNews

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලට රැුගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, එරට ආරක්‍ෂක නිලධාරීන් 70 දෙනෙකුගේ ආරක්‍ෂාව මධ්‍යයේයි.

එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස අතර පිරිමි පුද්ගලයන් 54 ක් , කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර ඔවුන් යාපනය, මීගමුව සහ හලාවත ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් සියළු දෙනා වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

Maimoonar

මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

Maimoonar

කතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….

Maimoonar

3 comments

Comments are closed.