January 29, 2026
Local NewsNews

තවත් අනතුරක් ද?

සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ.

මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 වියැති එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමු වී තිබේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව එස්. ප්‍රේමදාස පැවසිය.

අනෙකුත් වී වගාවන්ට හා භෝග වලටද වැළදීමට පෙර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයි

Maimoonar

ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතියේදී

Maimoonar

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Maimoonar