27.7 C
Colombo
October 22, 2026
Local NewsNews

සමාජ මාධ්‍ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස් කවියකටත් බිය වී ඇතැයි මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති වස් කවියක් සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව, එය රචනා කළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන තත්ත්වයකට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

පාර්ලිමේන්තු සභාවාරය අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අසත්‍යය ප්‍රචාරය කරමින් ජනතාව මුළා කර බලය ලබාගත් වත්මන් පාලකයන්, අවසානයේ සාමාන්‍ය වස් කවියකට පවා බිය වී ඇති බවයි.

“බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්” යනුවෙන් ප්‍රචලිත වන කවි පදයක් සභාව හමුවේ උපුටා දක්වමින් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, බලයට පත්වීමට බොරුව උපයෝගී කරගත්තේ නම් ඊට අදාළ දිට්ඨධම්මවේදනීය කර්මය මෙලොවදීම පඩිසන් දීම වැළැක්විය නොහැකි ස්වභාවික ධර්මතාවක් බවයි.

පාලකයන් මෙලෙස කලබල වී ඇත්තේ බලය ලබාගැනීමට අපේක්ෂා කරන අයෙකු සම්බන්ධයෙන් නොව, දැනටමත් බොරුවෙන් රජවී සිටින පුද්ගලයන් පිළිබඳ සත්‍යය හෙළිවීම නිසා බව පැවසූ මන්ත්‍රීවරයා, මෙවැනි නිර්මාණ සිදුකරන පුද්ගලයන් පසුපස හඹා යමින් පරීක්ෂණ පැවැත්වීම මඟින් ආණ්ඩුවේ පවතින බියගුලු සහ අස්ථාවර ස්වභාවය මැනවින් ප්‍රදර්ශනය වන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

Maimoonar

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

Maimoonar

සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

Maimoonar