27.7 C
Colombo
October 22, 2026
Local NewsNews

වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.

‘ජන පැතුමට වගකියන ජන බලයක්’ මැයෙන් කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ නියෝජිතයෝ මේ බව පැවසූහ.

බුදුදහමට මුළුමනින්ම පටහැනි අන්දමින් ඇතැම් භික්ෂූන් සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව මෙවැනි අදමිටු නාඩගම් සහ බලි තොවිල් නටමින් සිටින බවට චෝදනා කළ එම සංවිධානය, නීතිය හමුවේ ඕනෑම බරපතළ අපරාධයක් නිර්ණය කෙරෙන්නේ ඒ පිටුපස ඇති සාපරාධී චේතනාව (Mens Rea) මත පදනම්ව බව පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජිතවරිය මෙසේ පැවසුවාය: “අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රුව මැටියෙන් හදලා, ඒකට යක්ෂයන් ගෙන්නලා, ඔළුව සත්කඩකට පැලිලා මැරෙන්න ඕන කියලා යාතුකර්ම කරනවා. මෙතන තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ජනාධිපතිවරයාව මරා දැමීමේ අරමුණින් කරන සැලසුම්සහගත චේතනාවක්. බුදුදහම පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිව සිවුරට මුවා වෙලා දේශපාලනය කරන කස්සප, සමන්තභද්‍ර වැනි භික්ෂූන් සහ විපක්ෂය මේ හරහා හදන්නේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමටයි. මේ ගුප්ත බලි තොවිල් සහ අභිචාර පිටුපස ඇති සැබෑ ඝාතන සැලසුම් ගැන රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි. මහජන රජය සහ එහි නායකත්වය ආරක්ෂා කිරීම රාජ්‍යයේ ප්‍රමුඛ වගකීමක්.”

Related posts

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

Maimoonar

ගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි..

Maimoonar

පුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)

Maimoonar