30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

බාල ගල්අඟුරු නිසා විදුලි බිල යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව රවී කරුණානායක පවසයි

ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් ඉදිරියේදී නැවත වරක් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වහාම ඒකාබද්ධ විය යුතු බවයි.

ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ කරුණානායක මහතා සඳහන් කළේ, මෙරටට පැමිණ ඇති ගල්අඟුරු නැව් 9 හිම වාර්තා අවුල් සහගත බවයි. එම ගල්අඟුරු බාල වර්ගයේ ඒවා බැවින් අවශ්‍ය තාපය ජනනය නොවන බවත්, මේ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විටත් රුපියල් බිලියන 8 ක පාඩුවක් ලබා ඇති බවත් ඔහු අනාවරණය කළේය.

දැනට ඉල්ලා ඇති 13% ක විදුලි බිල වැඩිවීමට අමතරව, මෙම ගල්අඟුරු ගෙන්වීමෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට නුදුරේදීම නැවතත් බිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් නොමැති බව ඇතැමුන් පැවසුවද, මෙහි පැහැදිලි වංචාවක් සිදුව ඇති බව ඔහුගේ අදහසයි.

Related posts

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Maimoonar

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

Maimoonar

“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!

Maimoonar