26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවට

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබාදීම සඳහා අද (03) දිනයේ විමර්ශන අංශ හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අද පෙරවරු 9.30 ට එම ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දන්වා ඇත. මීට පෙර පසුගිය 27 වනදා පෙනී සිටින ලෙස දන්වා තිබුණද, ඇය එදින පැමිණ නොමැති අතර තමන්ට එදින පැමිණීමට නොහැකි බවත්, ඒ සඳහා සති දෙකක සහනයක් ලබාදෙන ලෙසත් ඇය සිය නීතිඥයන් මාර්ගයෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීමෙන් අනතුරුව, අද දින යළිත් වරක් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ඇයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. මන්ත්‍රීවරයා මීට පෙර දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් පෙර ලබා දී තිබූ දිනයේදී ප්‍රකාශයක් ලබා දීමට අපොහොසත් වූ අතර, ඔහු කළ ඉල්ලීමකට අනුව අද දිනය ඒ සඳහා වෙන් කර දී ඇති බව වාර්තා වේ.

Related posts

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Maimoonar

වත්කම් බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයෙන් බාරදීමේ කාලය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ

Maimoonar

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Maimoonar