29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයි

හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින් මෙම සංශෝධනය සඳහා අවශ්‍ය නිල අනුමැතිය ඊයේ (06) දින ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ පිළිබඳව කරුණු පැහැදිලි කළාය. මහජනතාවගේ සහ විපක්ෂයේ දැඩි කතාබහට මෙන්ම විවේචනයට ලක් වූ මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ අංශ මේ වන විට කඩිනම් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

Related posts

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Maimoonar

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Maimoonar

ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

Maimoonar