31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමට විශේෂඥ සහාය

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී අනතුරට පත් වූ පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහාය ලබා ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්, පොලිස් ජීවිත ආරක්ෂක බලකාය, ගුවන් හමුදාව සහ ප්‍රදේශයේ බෝට්ටුකරුවන් එක්ව යානය ගොඩගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, පවතින දුෂ්කරතා හේතුවෙන් එය සාර්ථක වී නොමැති බව අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද විමර්ශන කටයුතු සඳහා යානය ගොඩගැනීමට දරන ලද උත්සාහයන් ව්‍යර්ථ වී ඇත්තේ යානය පිහිටා ඇති ස්ථානයේ ස්වභාවය සහ තාක්ෂණික බාධාවන් හේතුවෙනි. මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන් යානයට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වේ.

මේ අතර අනතුරට පත් වූ ගුවන් යානයේ ගමන් කළ නියමුවන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

Related posts

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

Maimoonar

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Maimoonar

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

Maimoonar