31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයි

2026 ජනවාරි 01 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසල රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් අනතුරට ලක්ව තිබේ. තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට පොලිසිය සංඥා කළ අවස්ථාවේදී, එය නොතකා ධාවනය වූ රථය නිලධාරීන්ගේ ගැටී පළාගොස් ඇත.

මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යැවූ පොලිස් කොස්තාපල්වරයා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි, අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 43 හැවිරිදි නිලධාරියෙකි.

අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි ගමන් කළ එක් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථයේ රියදුරු මේ වන විට පළාගොස් ඇත. පළාගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Maimoonar

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Maimoonar

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Maimoonar