Local NewsNews

කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට වෙනස් වෙයි

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ (KIC) මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (22) දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. මින් ඉදිරියට සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශ වන වාහන සඳහා කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී (KIC 1) නැවත ප්‍රවේශ පත්‍ර ලබාගැනීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීමේදී සීදුව සහ පෑලියගොඩ ස්ථානවලින්ම සෘජුව ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබේ.

පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළු වීමේදී, මීට පෙර පැවති කෙරවලපිටියෙන් පිටවීමේ රිසිට්පත සහ නැවත ඇතුළුවීමේ ප්‍රවේශ පත්‍රය ලබාගැනීමේ ක්‍රමය අහෝසි කර ඇත. ඒ අනුව එම වාහනවලට ප්‍රවේශ පත්‍ර ලබාගැනීමකින් තොරවම කටුනායක මාර්ගයට පිවිසිය හැකි වේ. කෙසේ වෙතත්, කෙරවලපිටිය හුවමාරුවෙන්ම (KIC 2) පිටවන වාහන සඳහා පිටවීමේ ගාස්තු ගෙවා රිසිට් පත් ලබාගැනීම පෙර පරිදිම සිදු කළ යුතුය.

ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ (ETC) පහසුකම භාවිතා කරන රියදුරන් සඳහා විශේෂ දැනුම්දීමක් ද සිදු කර ඇත. එම පහසුකම ලබාගත හැක්කේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී පමණක් වන අතර, ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන පිටත වටරවුම් මාර්ගයට ඇතුළු වීමේදී සාමාන්‍ය ගාස්තු ගෙවන මංතීරූ (Manual Lanes) භාවිතා කර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට කටයුතු කළ යුතුය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ හඬින් විරෝධය

Maimoonar

සජිත්ගේ අවශ්‍යතාවය අද ජනතාවට දැනිලා.. සජිත් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා..

Maimoonar

රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…

Maimoonar