NewsPolitical

වන අලි සංරක්ෂණයට සහය පතමින් සජිත් ප්‍රේමදාස කුමරු විලියම්ට ලිපියක්

ශ්‍රී ලංකාවේ සිටින නිදහසේ සැරිසරන වන අලි සංරක්ෂණය සඳහා සිය අගනා සහය ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වේල්ස් කුමරු විලියම්ට ලිපියක් භාර දී තිබේ.

මෙම ලිපිය කොළඹදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතාට භාර දුන් බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

මෙම ලිපිය මඟින්, සෑම වසරකම අලි ඇතුන් 400කට වැඩි සංඛ්‍යාවක් සහ මිනිසුන් 150කට අධික සංඛ්‍යාවක් මරණයට පත් කරන උග්‍ර වන අලි-මිනිස් ගැටුම පිළිබඳව අවධාරණය කර ඇති ප්‍රේමදාස මහතා, විද්‍යාත්මක පදනමක් සහිත ජාතික සංරක්ෂණ උපාය මාර්ගයක අවශ්‍යතාවය ද ඉස්මතු කර ඇත.

වන අලි සංරක්ෂණය සහ සහජීවනය සඳහා ජාතික වැඩසටහනක් (National Elephant Conservation & Coexistence Initiative – NECCI) ස්ථාපිත කිරීමට ද ඔහු යෝජනා කර තිබේ.

Related posts

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Maimoonar

වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..

Maimoonar

මන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..

Maimoonar