NewsPolitical

තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයි

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට රජයේ ප්‍රධාන ආයතන නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල වේ. ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල මෑතකදී ඉදිරිපත් කළ කිසිදු තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.

කථානායක කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ “කථානායකවරයාගේ වරප්‍රසාද” පදනම් කරගෙනයි. කෙසේ වෙතත්, අභියාචනාධිකරණ තීන්දුවලදී මහජන නියෝජිතයන් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇත.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ධුරය මාස 6කට වැඩි කාලයක් පුරප්පාඩුව පැවතීම නිසා එහි කටයුතු මන්දගාමී වී ඇත. ඒ හේතුවෙන් “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදය” ඇතුළු සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

Related posts

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…

Maimoonar

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Maimoonar

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Maimoonar