LIFENews

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

ඩිජිටල් තිරවල භාවිතා වන ‘Dark Mode’ (අඳුරු ප්‍රකාරය) මඟින් ඇස්වලට හානි වීම වළක්වන්නේ නැති බවට ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය ජයමිණි එදිරිසිංහ මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට ‘Dark Mode’ භාවිතා කළ යුත්තේ අඩු ආලෝක තත්ත්ව යටතේ පමණි. එනම්, රාත්‍රී කාලයේදී එය භාවිතා කිරීම සුදුසුය. නමුත් දිවා කාලයේදී Light Mode එක භාවිතා කළ යුතුය.

දිවා කාලයේදී ‘Dark Mode’ භාවිතා කිරීම අපහසු වන්නේ, අඳුරු පසුබිමක ඇති ලා පැහැති අකුරු කියවීමට අපහසු වීම නිසයි. එමෙන්ම, ‘Dark Mode’ භාවිතා කිරීමෙන් බැටරි භාවිතය අඩු කිරීමටත්, උපාංගයේ ආයු කාලය වැඩි කිරීමටත් උපකාරී වේ.

ඇස්වලට ඇති වන හානිය අවම කර ගැනීම සඳහා, දිවා කාලයේදී Light Mode එක භාවිතා කරන ලෙසත්, රාත්‍රී කාලයේදී පමණක් Dark Mode එක භාවිතා කරන ලෙසත් වෛද්‍යවරයා උපදෙස් දෙයි.

Related posts

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Maimoonar

ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්

Maimoonar

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

Maimoonar