26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායක

ශ්‍රී ලංකාවේ වත්මන් පාසල් පද්ධතිය තුළ ගැහැණු හා පිරිමි සිසුන් වෙන් වෙන්ව අධ්‍යාපනය ලැබීම හේතුවෙන් සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (ජූලි 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය කාන්තා පාසලකට ගිය බැවින් ඇයට පිරිමි යහලුවන් නොසිටින බවත්, තමන් පිරිමි පාසලකට ගිය නිසා ගැහැනු යහළුවන් නොසිටි බවත්ය.

මෙම තත්ත්වය මෙරට බොහෝ දෙනෙකුට පොදු අත්දැකීමක් බව පෙන්වා දුන් ඔහු, ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගැහැණු සහ පිරිමි පාසල් වෙන්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවට අවධාරණය කළේය.

Related posts

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

Maimoonar

රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

Maimoonar