Local NewsNews

වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ වන අලි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් වැඩිවීමත් සමඟ, පරිසර අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිසියෙන් ඉල්ලා තිබෙනවා. මෙම අපරාධ සඳහා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා සඳහන් කර ඇත්තේ, සිගිරිය, දිගම්පතහන සහ ගල්ගමුව ප්‍රදේශවලින් වෙඩි වැදී මියගිය අලි මළ සිරුරු හතරක් සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දුන් වාර්තාවක් මත මෙම ඉල්ලීම සිදුකරන බවයි.

නීතිවිරෝධී ගිනි අවි හිමිකරුවන්, දඩයම්කරුවන් හෝ වනාන්තර අසල පදිංචිකරුවන් විසින් අලින්ට වෙඩි තැබීමේ නැඹුරුව ඉහළ යමින් පැවතීම පිළිබඳව අමාත්‍යාංශය සිය කනස්සල්ල පළ කර ඇත. මෙවැනි සිද්ධීන් රටේ අලි ගහනය සිටින සෑම ප්‍රදේශයකම සුලබව සිදුවන බව ලේකම්වරයාගේ අදහසයි.

“ආසියානු අලියා නීතියෙන් ආරක්‍ෂිත විශේෂයක් වන අතර, එය අප රටේ සංචාරක ව්‍යාපාරයට ඉතා වැදගත් ආකර්ෂණයක්. මෙම වෙඩි තැබීම් අපගේ ජෛව විවිධත්වයට පමණක් නොව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයටද හානි කරයි,” යනුවෙන් ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

වන අලි ගැවසෙන ප්‍රදේශවල නීතිවිරෝධී ගිනි අවි සොයා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් සෝදිසි මෙහෙයුම් සිදුකරන ලෙසද ලේකම්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Related posts

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Maimoonar

Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..

Maimoonar

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Maimoonar