28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයි

අස්ගිරි පාර්ශ්වයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දැක්වීය.

එම අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත ද ජනාධිපතිතුමා සිය ශෝකය ප්‍රකාශ කළේය. පසුව, ජනාධිපතිතුමා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ ද බැහැ දැක සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

Related posts

මෛත්‍රී කළ වරද නිවැරදි කරන්න ඇමති චන්න ජයසුමන වැඩට බසියි – ඖෂධ පනත සංශෝධනයට – සේනක බිබිලේට යුක්තිය ඉටුවේද?

Maimoonar

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Maimoonar

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

Maimoonar