Local NewsNews

ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයි

අස්ගිරි පාර්ශ්වයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දැක්වීය.

එම අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත ද ජනාධිපතිතුමා සිය ශෝකය ප්‍රකාශ කළේය. පසුව, ජනාධිපතිතුමා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ ද බැහැ දැක සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

Related posts

කොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

Maimoonar

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Maimoonar

බන්ධනාගාර රැඳවියන් මනෝ පෙති ගහලා මත්වෙලා උන් උන්ම ගහගත්තා

Maimoonar