27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යලිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

Maimoonar

දිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්

Maimoonar

යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..

Maimoonar