26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ. මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම ගුවන් මගියා ඉතාලියේ රැකියාවක නිරත වී සිට ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඔහු විසින් ගෙන ආ ගමන් මලු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්‍රමාණය ඉක්මවූ විස්කි බෝතල් තොගයක් ද රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා අවස්ථාවේදී ඒවා පොළොවේ ගසමින් රේගු නිලධාරීන්ට බාධා කර තිබේ.

මේ පිළිබඳ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ රාජකාරිය ඉටු කිරිමට නොදී අඩන්තේට්ටම් කිරීම යන චෝදනා මත මොහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා එළැඹෙන 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ටී.කේ.ජී.කපිල

Related posts

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

Maimoonar

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Maimoonar

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Maimoonar