29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව 2024.10.13 වන දින එම ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අදාල වාහන දෙක පොලිස් භාරයට ගෙන විර්මශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනය අනුව 2025.03.04 වන දින ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්විම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරිම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් 2025.03.04 වන දින පැල්මඩුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2025.03.11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Related posts

තරු හෝටලයක කොරෝනා පොකුරක්… සංචාරකයන් ඇතුළු රැසක් ආසාදිතයි..

Maimoonar

විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

Maimoonar

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

Maimoonar

1 comment

Comments are closed.