30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝග කර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතුය.

ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකිය.

යුද හමුදා සෙබළුන්ගේ සාමසාධක රාජකාරි සහ විදේශ පුහුණු සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ වැඩපිළිවෙල මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව යුද හමුදාව පවසයි.

Related posts

ස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..

Maimoonar

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Maimoonar

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Maimoonar