29.5 C
Colombo
August 20, 2026
Uncategorized

ලංකාව බලා එන පලමු වාහන නැව ජපානයෙන් පිටත් වේ..

වාහන සමග ලංකාවට එන පළමු නැව පෙබරවාරි මාසයේ 13 වන දා ජපානයේ සිට පිටත් වූ බවත් එම නෞකාව හම්බන්තොට වරායට නුදුරේදීම එනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේය.

වාහන ආනයනය කිරීමේදී ජපානයේ බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි භාර නොගන්නා බවට පැතිරයන කතා තුළ සත්‍යතාවක් නැති බව ඔහු කීය.

පසුගිය ආණ්ඩුව කාලයේ ඇතිවූ ප්‍රශ්න නිසාද ණයවර ලිපි එවක ආණ්ඩුවේ මැදිහත්වීම මත අවලංගු වූ නිසා ද වාහන ආනයනයට කිසියම් ප්‍රශ්න ඇතිවූ නමුත් මේ වන විට එම ගැටලු විසඳා ගැනීමට හැකි තැනකට පැමිණ ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, ණයවර ලිපි භා‍ර ගැනීම සම්බන්ධ ප්‍රශ්න සියයට 80ත් 90ත් අතර විසඳා ගැනීමට හැකි තැනකට පැමිණ ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය.

වාහන ආනයනය සාර්ථක ලෙස ආරම්භ වී ඇති බව ත් ඒ අනුව එහි කිසිදු ගැටලුවක් නැති බවත් ජපානය, යුරෝපය, තායිලන්තය, ඩුබායි ආදී ස්ථානවල සිට නැව්වල එන වාහන ලංකාවට පැමිණීමට පසුව වාහනය හා මිල ගණන් බලා පාරිභෝගිකයාට මිල දී ගත හැකි බව ත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක කිසිවෙකුට වාහනවලට සල්ලි ගෙවීමට නොයන ලෙසත් ලංකාවට වාහන පැමිණි පසුව ඒවා බලා මිල දී ගන්නා ලෙසත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවෝ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ලංකාවේ තිබෙන හොඳ ම බැංකු සමග ජපානය ආදී රටවල්වල බැංකු කිසිදු ප්‍රශ්නයක් නැතිව ගනුදෙනු කිරීම ආරම්භ කර ඇති බවත් සුමිටෝ මිට්සුයි ඇතුළු බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි භාර ගන්නා බව ආනයනකරුවෝ පවසති.

ජපානය පමණක් නොව තායිලන්තය, ඩුබායි ආදී රටවල් හා යුරෝපයේ බැංකුවලටත් ණයවර ලිපි යවා තිබෙන බවත් එහිදී ප්‍රශ්න ඇති වී නැති බව ආනයනකරුවෝ පවසති.

Related posts

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

Maimoonar

ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුල

Maimoonar

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

Maimoonar