NewsPolitical

රජයේ සේවක අවම වැටුප 50,000 කරන්නැයි කියයි..

ඉදිරි අය-වැයේදී අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් පනස්දහසක් ලෙස දක්වා නීති සකස් කරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක් දෙන ලෙසත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය 2016 වසරේදී අවලංගු කරන ලද රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය එළැඹෙන අය-වැයේදී නැවත බලාත්මක කරන ලෙසද එම වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.එස්. ශාන්තප්‍රිය විසින් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට යොමුකරමින් මෙම ඉල්ලීම කර ඇත.

ඉදිරි අය-වැයේදී රාජ්‍ය සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විශේෂ කරුණු 7ක් මත පදනම්ව මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇත.

රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් ඉවත් කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදුකිරීමට විදිමත් වැඩපිළි‍වෙලක් සකස් කරන ලෙසත් රාජ්‍ය සේවක දීමනා වැඩිකරන ලෙස සහ රාජ්‍ය දේපළ විකිණීම නවතන ලෙසත් ඉදිරි අය-වැයේදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අදාළ ලිපිය මගින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට වෘත්තීය සමිති 12ක් ඇතුළත්ය.

– ක‍්‍රිෂාන් ජයසුරිය

Related posts

සමාජ ජාලවල නිල ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් කාන්තාවකගේ සේවය අත්හිටුවයි…

Maimoonar

එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයි

Maimoonar

සිමෙන්ති රුපියලකින් අඩු කරයි..

Maimoonar