30.3 C
Colombo
August 12, 2026
NewsPolitical

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් හෙතෙම පැවසුවේය.

ඒ අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් විසින් සලසා ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.

අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

රජය විසින් වාහන සංචිතයක් පවත්වාගෙන යමින් ඒ හරහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන වසර පහකට පසුව නැවත රජයට භාරදිය යුතු බවට තීරණය කර නමුත් එවැනි සංචිතයක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වාහන නොමැති බවත් ඔහු කියා සිටියේය.

එනිසා දැනට වාහන ලබාදීමට කිසිදු හැකියාවක් නැති බවත් ඔහු තව දුරටත් අවධාරණය කළේය.

Related posts

ජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…

Maimoonar

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

Maimoonar

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Maimoonar