27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…

රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රජය භෞතිකව සහ සදාචාරාත්මකව රට වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ගන්නා උත්සාහයේදී අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.

රට වෙනස් කිරීමට වසර පහක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් විවේචනවලට කිසිවකු කලබල නොවිය යුතු බවත් ඔහු පැවසීය.

කඩා වැටුණු ආර්ථිකයක් තුළ රජය පසුගිය මාස දෙක තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව පැවසූ සිල්වා මහතා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අඩිතාලම රජය දමා ඇති බවද සදහන් කරයි.

කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

Maimoonar

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Maimoonar

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Maimoonar