30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

පසුගිය රජයේ හිටපු කැබිනට් අමාත්වරුන් හතර දෙනකු අද රහස් පොලිසියට කැඳවා තිබේ.

ඒ එම රජය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමටය.

ඒ අනුව එසේ අද කැඳවා ඇත්තේ හිටපු ඇමතිවරුන් වන රොෂාන් රණසිංහ, හරින් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ යන හිටපු අමාත්‍යවරුන් සිව් දෙනාය.

එම පරීක්‍ෂණයට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැවති රජයේ කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

Related posts

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

Maimoonar

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Maimoonar

බංග්ලාදේශ මහ බැංකුවෙන් පාන් ඒෂියා බැංකු නිලධාරීන්ට ප්‍රශංසා: 2016 සයිබර් ප්‍රහාරයෙන් මිලියන 20ක් බේරාගත් හැටි!

Maimoonar

1 comment

Comments are closed.