29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

මන්නාරම පට්ටිතොට්ටම් ප්‍රදේශයේ පදිංචි මවක් දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී අදාල මව සහ බිළිඳා මිය යාම හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ඒරෙහිව මියගිය අයගේ ඥාතීන් විසින් දැඩි විරෝධයක් පා ඇත.

සිය කුලුදුල් දරුව ප්‍රසූත කිරිම සඳහා අදාල මව මන්නාරම් රෝහලේ ප්‍රසව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසුව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව ඇති බවට රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දී අදාල මව ප්‍රසූත කාමරයට රැගෙන ගොස් ඇත.

එහිදී දරුවා ප්‍රසූත කරවීමට ගත් උත්සහයකදී දරුවා සහ මව මිය ගොස් ඇති බවටත් රෝහල් බලධරීන්ගේ නොසැලකිල්ල මත මෙම මරණයන් සිදුව ඇතැයි පවසමින් ඥාතීන් විසින් රෝහල් බලධරීණ්ට විරෝධතවය පානු ලැබීය.

එහිදී ඥතීන් විසින් චෝදනා කොට ඇත්තේ මිය ගිය මවගේ සිරුර බැලීමට පවාද රෝහල් බලධරීන් විසින් අවස්ථාවක් ලබානොදුන් බවටත් දරුවා විධිමත්ව ප්‍රසූත කිරීමට පහසුකම් තිබියදී නොසැලිකිලිමත් බාවයෙන් ප්‍රසූත කිරීමට උත්සහ කිරීම හේතුවෙන් මෙම මරණයන් සිදුව ඇති හෙයින් වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බවටය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වනජා නැමති මවකි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරනතුරු මිය ගිය අයගේ සිරුරු බාර නොගන්නා බවටද ඥාතීන් විසින් මන්නාරම් පොලීසියට පවසා ඇති අතර මන්නරම් පොලීසිය විසින් මේ පිළිබඳව මන්නරම් අධිකරණයට දැනුම් දීමටද පියවර ගෙන ඇත.

Related posts

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Maimoonar

බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..

Maimoonar

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

Maimoonar