News Political

හැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..

ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී කවිරත්න පවසයි.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීණී හරිනි අමරසූරිය කියනවා අනුර කුමාර ජනාධිපති වූනොත් සැප්තෑම්බර් 22 පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා. රටේ අවසානාවකට වැරදිලා හරි එහෙම වුනොත් ඊට පස්සේ වෙන දේ ත් මම පියවරෙන් පියවර සහසුද්දෙන්ම කියන්නම්‘

2024 සැප්තෑම්බර් 22 අනුර පාර්ලිමේන්තුව විසිරුවව්වොත් එදාට ජවිපෙ න් කැබිනට් එකට පත් කර ගන්න ඉන්නේ විජිත හේරත් හා හරිනි අමරසූරිය විතරයි. අඩුම ගානේ ලක්ෂමන් නිපුණආරච්චිට පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙන්නවත් ලැබෙන්නේ නෑ. ජනාධිපතිත් එක්ක තුන් දෙනයි කැබිනට් එකට දාගන්න පුළුවන් වෙන්නේ.

එතන ඉදන් රට අන්ත දරුණු අගාධයකට යන මාවත කැපෙනවා. ඒක පියවරෙන් පියවර මම කියන්නම්.

2024 සැප්තෑම්බර් 22 ඉදන් දවස් 65 – 70 ක් වත් පාර්ලිමේන්තු ඡන්දය තියන්න ගත වෙනවා. දෙසැම්බර් මුල් සතියේ ඡන්දය තියන්න පුළුවන්.

ජනාධිපතිවරණය දවසේ ඉදන් පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ඒ දවස් ටික අතර, අර 2022 මැයි 09 වෙනිදා පැය 6 කට රටේ බලය අතට ගත්තා වගේ ගෙවල් පිච්චෙන්න, වාහන ගිණි තියන වගේ වැඩ සිද්ධ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

1988 ජනාධිපතිවරණ සමයේ දී එජාප, ශ්‍රිලනිප, කොමියුනිස්ට්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ, නව සමසමාජ පක්ෂවලට අයත් 681 දෙනෙක් ජවිපෙ විසින් ඝාතනය කළා. ජනාධිපතිවරණය දවසේ 63 දෙනෙකු ඝාතනය කළා. එ් අතර, මැතිවරණ රාජකාරියට ආපු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් හිටියා.

ඊට පස්සේ, දවස් 70 කින් 1989 පෙබරවාරි 15 මහා මැතිවරණය දවසේත්, ඊට කලින් දවස් දෙකෙත් ජවිපෙ තමන්ට විරුද්ධවාදී දේශපාලනය කළ 433 ක් මැරුවා. මහා මැතිවරණය දවසේ 84 දෙනෙකු ඝාතනය කලා. ඡන්ද මධ්‍යස්ථානවලට බෝම්බ ගැසීම් 121 ක් වාර්තා වුණා.

මම ප්‍රාර්ථනා කරනවා, ආය සැරයක් එහෙම භීෂණකාරී දවස් 70 ක්, ජනාධිපතිවරණය හා මහා මැතිවරණ අතර කාලයේ දී ඇති නොවෙයි කියලා.

එහෙම වුනොත්, විරුද්ධ මතයක් තියෙන කෙනෙකුට ඡන්දය ඉල්ලන්න බැරි වෙන්නත් පුළුවන්.

දෙසැම්බර් මාසේ 2025 ට අය වැය සම්මත කර ගන්න ඕනි. හැබැයි අලුත් ආණ්ඩුව ඇවිත් ප්‍රතිපත්ති හදනකල් අය වැය සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ. ලංකාවේ රුපියල් අර්බුදය එතනින් පටන් ගන්නවා.

ඒ කියන්නේ 2025 උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ යෝජනා කරපු රු. 7000 ඉදන් රු. 14,000 දක්වා වන වැටුප් වැඩිවීම ලැබෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරන එයටත් වැඩි වැටුප් වැඩිවීම ලැබෙන්නෙත් නෑ.

එය අස්සේ, ආයෙතන් සැකයක් නැතුවම කපුටාස් සහ කබ්රාල් සල්ලි අච්චු ගැහුවා වගේ සල්ලි අච්චු ගහන එක ස්ථිරයි. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශනයේම ඒක ලියලා තියනවා. මහ බැංකුව ස්වාධීන කරන පනතට විරුද්ධව ජවිපෙ මේ පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කලා. ආණ්ඩුව පොලිය තීරණය කරනවා කියන්නේම – සල්ලි අච්චු ගහනවා කියන එක. මහ බැංකුව ස්වාධීන කරන්න ජවිපෙ කවමදාකවත් කැමති නෑ.

අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම වෙනස් කරන්න යනවා කියන්නේ ම, 2024 දෙසැම්බර් ලැබෙන්නට තියෙන ඩොලර් මිලියන 700 ලැබෙන්නේ නෑ කියන එක. අපිට මතකයි මැදමුලනේ ගෝඨාභය යහපාලන ආණ්ඩුව පවත්වාගෙන ගිය අයි.එම්.එෆ්. වැඩසටහන විසිකරලා රට විනාශ කරපු හැටි.

ඒ ආණ්ඩුවේ මුදල් ඇමති හිල් තියෙන යට ඇඳුම් ඇඳගෙන ගිහින්, කොටස් වෙළෙදපොල සූදුව ගැනයි, ණය ප්‍රතිව්‍යහගත කරණය ගැනයි කිව්වා ආයෙත් කපුටාස් හිට් ද ප්ලේන් කාළේ වගේ තමයි. රටේ ඩොලර් අර්බුදය පටන් ගන්නවා. අයි.එම්.එෆ්. පළමු සාකච්ඡාවේ පිස්සුවක් නැටුවාම ඩොලර් එවන්න කවුරුවත් ජවිපෙ ට නෑ.

2024 ඔක්තෝබර් සිට 2025 අප්‍රේල් දක්වා ලංකාවට බහූ පාර්ශවීය ණය ගෙවන්නට තිබෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුවට මේ ගෙවාගෙන ආවා වගේම ණය හා පොලිය ගෙවිය යුතුයි.

දැනට තියෙන අතිරික්තය ඔය මාස තුනට තෙල්, ගෑස් විදුලිය, ඖෂධ ගේන්න පුළුවන් වෙයි.

ජවිපෙ දෙන පොරොන්දුව අනුව වැට් අඩු කරනවාලු. බදු අඩු කරනවා ලු. — ඒ කියන්නේ අර මැදමුලනේ ගෝඨාභය කරා වගේම ආදායම නැති වෙනවා.

මට ඇහුණා කොටස් වෙළඳපොල සූදුවක් ලූ. ජවිපෙ ආණ්ඩුවක් එනවා හුළඟ දැනුණු ගමන් රටේ ලොකුම සමාගම් ටිකේ කොටස් මිල පහත වැටෙනවා. දස දහස් ගානකට රස්සාවල් නැති වෙනවා. කොටස් වෙළඳ පොල කඩා වැටෙනවා.

හරිම සරලයි. මැදමුලනේ ගෝඨාභය යටතේ වුනා වගේම, රටේ ඩොලර් ටික ඉවරයි. තෙල් ටික නැති වෙනවා. ගෑස් ටික නැති වෙනවා. රට හොම්බෙන් යන්න පටන් ගන්නවා.

මිත්‍රවරුණි, මැදමුලනේ ගෝඨාභය හොඳටම කළෙත් ඔය ටිකම තමයි.

දැන්, තඹුත්තේගම දෙවන ගෝඨාභය කරනවා කියන දේවල්වලින් වෙන්නෙත් ඔය දේ ම තමයි.

රටේම ඉන්න එජාපයේ අය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා.

පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝටම කියන්න තියෙන්නේ, දෙවන මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා. නාමල්ට වත්, රනිල්ටවත් මේ රටේ මිනිස්සු බේරාගන්න බෑ. ඒක කරන්න පුළුවන් සජිත්ට විතරයි.

මේ රට විනාශයට යන එක නවත්වන්න විතරක් නෙවෙයි, ජවිපෙට විරුද්ධ මතයක් දරන අයගේ ගෙවල් – ජීවිත බේරලා දෙන්න පුළුවන් වෙන්නෙත් මේ ඡන්දයේ දී තඹුත්තේගම දෙවන ගෝඨාභය පරද්දලා අනිවාර්යයෙන්ම ජනපති වෙන සජිත් ප්‍රේමදාසට විතරයි.

– Media unit

Related posts

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…

Shiran Viraj

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj

පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණ

Shiran Viraj

Leave a Comment