28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා අධිකරණයේ නියෝගයක් මත (05) දින එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ පිසිකල් නිලධාරින් විසින් වතු අධිකාරිවරයා වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කල අවදියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර් මහාතට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිල නිවස ලබා දි තිබු අතර, අරවින්ද කුමාර් මහතා එම වතුයායෙන් ඉවත් විමෙන් පසු ඔහුට ලබා දි තිබු නිල නිවස ආපසු වතු යායට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැදි සිටිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

නුවරඑලිය දිසා අධිකාරියේ දිර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තින්දුවෙන් අරවින්ද කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට ලබාදුන් නියෝගයට අරවින්ද කුමාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඔහුට එම නිවසෙන් ඉවත් වන නෙසට නියෝග කර ඇත.

එසේ හෙයිව් අරවින්ද කුමාර් මහතා අභියාචානාධිකරණයටද අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, අභියාචනාධිකරණයෙන්ද එම තින්දුවම ලබා දි තිබුණි.

නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් මහතා දේශපාලනයට පිවිසිමත් සමග දේශපාලනය බලය භාවිතා කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැදි සිටි බවයි හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය කියා සිටියේ.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාරදුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට ලබාදෙන බවයි වතුයායේ නිලධාරියෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසිමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්ත විය.

– Reporter

Related posts

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Maimoonar

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Maimoonar

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Maimoonar