News Political

රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..

නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන බවත් නව තාක්ෂණයත් සමඟ බැදුණු ඩිජිටල් තාක්ෂණයක් තුළින් තරුණයන්ට ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක්  ඇති කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා,

“අද ඉතාම වැදගත් දවසක්. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ආරම්භ කරනවා. තැපැල් ඡන්දදායකයින්ට කියන්න කැමති  මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි රාජ්‍ය සේවය ශක්තිමත්  කළේ. එදා මේ රටේ  උපාධිදාරීන්ට , තරුණ තරුණයින්ට  රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න  අවස්ථාව ලබාදූන්නේ එතුමා. ඒ වගේම විවිධ අවස්ථාවලදි  විවිධ දීමනා ලබාදෙන්න කටයුතු කළා. අපේ අනෙකුත් ඉල්ලන අපේක්ෂකයෝ නත්තල් පප්පලා වගේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා  මූලික පඩිය පනස් දාහකට  වැඩි කරනවා කියලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මූලික පඩිය පනස්දාහයි,  විසිපන්දාහක ජීවනදාරයක් දෙනවා කියලා තිබෙනවා. හැබැයි මේ කිසි කෙනෙක්වත් පෙන්නලා දෙන්නේ නැහැ මේ සඳහා මුදල් සොයාගන්නේ කෙසේද කියලා.

නාමල් රාජපක්ෂ මැතිතුමා ඊයේ එතුමාගේ මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත්  කළා. එහිදි එතුමා  කියලා තිබෙන්නේ කරන්න පුළුවන් වැඩ පිළිබදව පමණයි. එතුමා එහිදි කියා සිටින්නේ රාජ්‍ය සේවකයින්ට ගරුසරුව  ඇතිව රාජ්‍ය සේවයක් ඇතිව වැඩකරන්න පුළුවන් කියලා. ඒ පිරිසට ජිවත්වෙන්න පුළුවන්  සරිලන  පඩියක් ලබාදෙනවා කියලා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට ජිවත්වෙන්න පුළුවන්  වැඩපිළිවෙලක් සකස් කරලා දෙනවා කියලා. ඉතාම වැදගත්  මැතිවරණ ප්‍රකාශයක් එතුමා ඉදිරිපත් කළේ. නමුත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ  සෑමදෙනාටම විසිදාහක් දෙනවා කියලා. එසේ ලබාදෙන්න මුදල් කොහෙන්ද?  ජනතා විමුක්ති පෙරුමණ කියන්නෙත් එලෙසමයි. එදා ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය සේවකයින්ට පළමු ඡන්දය දැමීමට ගියොත්  මරණවා කිව්වා. ගුවන්විදුලියේ වැඩකරපු සාගරිකා ගෝමස්  වැනි පිරිස මරලා දැම්මා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා මරලා දැම්මා. නමුත් අද ඔවුන් පන්සල් යනවා. නමුත් නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි  ඝෘජුව තමන් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කරලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ  කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා අලුත් තාක්ෂණයත් එක්ක. තරුණයින්ට ඩිජිටල් තාක්ෂණයත් තුළින් තමන්ගේ  ඉදිරිගමන යන්න පුළුවන් වැඩපිළිවෙලක්  ඇති කරනවා කියලා  ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

අද  මේ මැතිවරණ ප්‍රකාශ කිහිපය  ගත්තාම  සමහර පිරිස්  රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ ඉදිරි දැක්ම කොපි කරලා  ජනතා විමුක්ති පෙරමුණේ  මැතිවරණ ප්‍රකාශයක්  ඉදිරිපත් කරනවා. මේ වගේ විවිධ  තත්වයකට පත්වෙලා තිබෙනවා  ඡන්දදායකයා  විවිධ  විදිහට කල්පනා කරන්නේ. නමුත් නාමල් රාජපක්ෂ මැතිතුමා  තරුණයෙක් හැටියට  ඉතාම හොඳ  මැතිවරණ ප්‍රකාශයක් ඊයේ එළිදැක්වුවා. එතුමා කිසිම කෙනෙක්වත් විවේචනය කළේ නැහැ.  නමුත් අද මැතිවරණ වේදිකාවට ගියාම  සජබේ පිරිස උදේ වරුවේ සිටම රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ වේදිකාවේ සිටින  පිරිසට බනිනවා. ඒ ඒ වේදිකාවල සිටින පිරිස් විවිධ වේදිකාවල සිටින පිරිසට බනිනවා. එයින් අපි කාටත් ප්‍රයෝජනයක් නැහැ. මහජනයා බලාපොරොත්තු  වෙන්නේ  මේ නායකයින් බලයට පත්වුණාම  මොකක්ද කරන්නේ කියලා.

සමගි ජනබලවේගයේ සහ රනිල් වික්‍රමසිංහ  මහතා ලඟ  සිටින්නේ  අපිත් සමඟ සිටිය  පිරිසයි. ඔවුන් සමඟ සිටිය පරණ පිරිසට දැන් තැනක් නැහැ. අපේ පිරිස තමයි ආක්‍රමණය කරලා තිබෙන්නේ. නමුත් නාමල්ගේ වේදිකාවේ  සිටින්නේ  පරණ අපිත් සමඟ සිටිය පිරිස සහ  තරුණ නායකයින්.  අපි කුලියට  නායකයින් අරගෙන නැහැ. අපිත් සමඟ එදා සිට සිටිය පරිණත දැනුමක් ඇති තරුණ නායකයින් එතුමාගේ වේදිකාවේ සිටින්නේ. අද ජනතාවට  තීන්දු කරන්න පුළුවන්  අලුත් ගමනක් යන්න පුළුවන්  කවුද කියලා. මේ රටේ වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස කරන්න පුළුවන්  නායකයා තමයි  නාමල් රාජපක්ෂ මැතිතුමා.

එදා කියපු හුඟාක් පොරොන්දු ක්‍රියාත්මක කරලා නැහැ මේ රටේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  කියපු දේවල් කළා. අට සමත් පිරිස ගන්නවා කිව්වා, අද තිස් පන්දාසක් ස්ථීර රැකියාවේ රාජ්‍ය සේවයේ සිටිනවා.  එදා සිටිය සියලුම උපාධිදාරින් ගන්නවා කිව්වා එලෙසම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ට රැකියා ලබාදුන්නා. නමුත් එතුමාට සිදුවුණේ කොවිඩ් අර්බුදයත්, එතුමාට විරුද්ධව  ජාත්‍යන්තර  ඩයස්පෝරාවේ ඇති කරපු  කුමණ්ත්‍රනයට මුහුණදීමට. නමුත් එතුමා එදා කිසිම කෙනෙක්ට වෙඩිල්ලක් පත්තුකරන්නේ නැතිව  ඉල්ලා අස්වූ එකම නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමාට වුවමනා වුනේ නැහැ  තනතුර ආරක්ෂා කරගන්න  දහස් ගණනකගේ ජිවිත  නැති කරන්න. නමුත් 71 කැරැල්ල  අවස්ථාවේදී හැටදහසක තරුණයෝ නැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ තරණයෝ දාහස් ගණනක්  මරලා දැම්මා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  කැරැල්ලක් පැමිණි විට  කිසි විටකත් මනුෂ්‍ය ඝාතනයක් කරන්න වුවමනා වුණේ නැහැ. තමන්ගේ පියාගෙයි, මවගෙයි පිළිරුව කැඩුව, නමුත් කිසිම කෙනෙක්ට  ඊට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. එහෙම නායකයෝ බොහෝම අඩුයි. මේ කැරලි ඇතිකරන  පිරිසට දඩුවම් කරන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් එය ඉල්ලුවා. එය සිදුවුණේ නැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමා  බොහෝම එඩිතර  පියවරක් අරගෙන තිබෙනවා මෙවැනි දෙයක් ඉදිරියට සිදුනොවෙන්න අවශ්‍ය කටයුතු  සියල්ල කරනවා කියලා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

තිලක් තේනුවර

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Shiran Viraj

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

Shiran Viraj

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

Shiran Viraj

Leave a Comment