28.9 C
Colombo
September 10, 2026
International NewsNews

බංගලි අරගල සැප දෙපිටින් යයි.. ඉන්ධනත් නෑ.. විදුලියත් නෑ.. ගන්න සල්ලිත් නෑ…

බංග්ලාදේශය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලයක් තිස්සේ එරට මුහුණ දෙමින් තිබූ මෙම අර්බුදය මෑතකදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පසු සිදුවූ දේශපාලන වෙනස සමග උත්සන්න වී ඇත.

බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් හා එම ක්‍ෂෙත‍්‍රයේ ආයෝජන වැඩි කිරීමටත් පසුගිය රජය ගන්නා ලද ක්‍රියා මාර්ග නව රජය විසින් අවලංගු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේවටත් ඉන්දියාව විසින් බංගලදේශයේ උතුරු ප්‍රදේශවලට ඩීසල් සැපයුම අත්හිටුවා තිබේ.

ඒ බංගලාදේශයේ ඇති දේශපාලන අස්ථාවරත්වය සලකා බලමිනි.

එමෙන්ම බංගලාදේශයට විදුලිය සපයන ඉන්දීය සමාගම් වෙත ඇමරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් බංගල දේශය විසින් ගෙවා දැමිය යුතුව තිබේ.

බංගල දේශ භාරකාර රජය මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ණය දෙන ආයතන වෙතින් විසින් ඩොලර් මිලියන බිලියන අටක ණය මුදලක් ඉල්ලා තිබේ.

ඒ රට පවත්වාගෙන යාම හා ගෙවීමට ඇති ණය වාරික ගෙවා දැමීම සඳහායි.

බංගලාදේශය මේ වන විට ඩොලර් බිලියන තුනක මීළඟ ණය වාරිකයද ගෙවා ගත නොහැකි බරපතළ අර්බුදයකද සිරවී සිටී.

Related posts

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Maimoonar

පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…

Maimoonar

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

Maimoonar