27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනතාව චකිතයක් හෝ සැකයක් ඇතිකර ගත යුතු නැතැයි සභාපතිවරයා පැවසීය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල සිට කිලෝමීටර් 30කට වැඩි ඉතා දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ඡන්ද පොළවල් තිබේ.

එවැනි ඇතැම් ඡන්ද පොළවල සිට කිලෝමීටර් 05ක් 06ක් දුර පයින් ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ද සිදුවන බව පැවසීය.

ඒ හේතුවෙන් ගණන් කර සමස්ත ප්‍රතිපලය ලබාදීමට ප්‍රමාද විය හැකිය.

ප්‍රතිපල ලබාදීමට ප්‍රමාද වීම තුල ජනතාව අතර විවිධ බොරු ප්‍රචාර පැතිර යා හැකිය.

එහිදී සියලු මාධ්‍ය වෙත විශාල කාර්‍ය භාරයක් පැවරී තිබේ.

ජනතාව සන්සුන් වන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

–Reporter

Related posts

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

Maimoonar

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Maimoonar

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

Maimoonar