NewsPolitical

පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා දීම ගැන සලකා බැලිය හැකි යයි එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

“ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.”

Related posts

පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

Maimoonar

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Maimoonar

යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..

Maimoonar

40 comments

Comments are closed.