28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග දෙක පරාජය වුවද තවත් ලකුණු දහයක් පහළොවක් තිබුණේ නම් ඒ දෙකම දිනා ගැනීමේ අවස්ථාව තිබූ බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය හා බංගලදේශය සමඟ වූ තරගාවලි දෙකම ජයග්‍රහණය කළ බවද පැවසූ ඔහු එහිදී කිසිත් නොකියු අය අද තරග දෙකක් පැරදුනු පසු අම්මා මුත්ත නැති වෙන්න බැන වදින බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන සුපිරි කණ්ඩායමක් බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බවද ඔහු පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික කණ්ඩායමෙන් හැලුනු ඇතැම් ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය අල්ලාගෙන සහෝදර ක‍්‍රීඩකයන්ට මඩ ගසන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසුවේය.

Related posts

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

Maimoonar

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Maimoonar

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Maimoonar