27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.

මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගං වතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසීය.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිත කර බැවින්, ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977ට දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

Related posts

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

Maimoonar

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් නැවත QR ක්‍රමවේදය හඳුන්වා දීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් පවසයි

Maimoonar

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

Maimoonar