29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45ක් දක්වා නාය යෑමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

බදුල්ල ,කොළඹ ,ගාල්ල ,ගම්පහ ,කළුතර ,මහනුවර ,කෑගල්ල, රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක සදහා එම නිවේදන නිකුත් කර තිබේ. එම නිවේදන හෙට (21) දහවල් 12.00 දක්වා බලාත්මක වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහා දෙවන අදියරේ නිවේදන නිකුත් කර තිබේ.

අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43 සඳහා පළමු අධිකාරියේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Related posts

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..

Maimoonar

කොරියානු අලුත් රජය ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් – කොරියානු තානාපති මියොන් ලී

Maimoonar

‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

Maimoonar