28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

මෝටර් රථ ඇතුළු පුද්ගලික වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කරයි.

යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි් ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කලේය.

‘ලබන වසරේ සිට අපි එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ.

අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා. මොටර් රථ ආනයනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා.

නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.’

Related posts

ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයි

Maimoonar

මාස 12ක් තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවට හෙළිදරව්වක්

Maimoonar

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

Maimoonar

1 comment

Comments are closed.