28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..

බිත්තර සඳහා යළි උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නා ලෙස යෝජනා කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී එම යෝජනාව සිදුකර තිබේ.

අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් කෘතිම බිත්තර හිඟයක් මවා පෑමට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් උත්සාහ කරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා එහිදී පෙන්වා දී තිබේ.

එම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙඳපොළ තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී පැවසීය.

එමෙන්ම අවුරුදු මාසය තුළ ද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර ඇතිබව අමාත්‍යවරයා පැවසීය.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට, බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ලබන සතියේ දී එම මිල පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30 කි.නමුත් මේ වනවිට වෙළෙඳ පලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇතිබව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Related posts

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

Maimoonar

ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…

Maimoonar

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Maimoonar